Pages

Sunday, June 30, 2013

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද? - නොසිතන පැතිකඩ 1

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද?

ඔබත් මමත් මේ ලෝකයේ යම් පිරිසකට වඩා වාසනාවන්තයෝයි. ඒ අපිට දෑස් පෙනෙන නිසාවෙනි. නමුත් අපි  අතරම ජීවත් වෙන දෑසම නොපෙනෙන පුද්ගලයින් ගැන ඔබ සිතා බලා ඇත්ද? ඔවුන් ද ජීවත් වන්නේ අප ජීවත් වන පරිසරයේම ය. අප සමගම ය. අප කරනා සියලු දේ ම ඔවුනුත් කරනවා. අන්ධ පුද්ගලයාට ඇති එකම අඩු පාඩුව දෑස නොපෙනීම පමණි. දැනෙන හැගීම් දැනීම්, සිතුම් පැතුම්, සියල්ල සමානයි. නමුත් වර්තමාන ලෝකයේ ඇති සාමාන්‍ය ක්‍රියාකාරකම්  කරගැනීමට අන්ධ පුද්ගලයින් කොපමණ වෙහෙසක් ගන්නවා ඇත්ද?



'නොසිතන  පැතිකඩ' ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒමට 'දැනුම' අපි අදහස් කලේ සාමාන්‍ය ලෝකයේ ජීවත් වීම අභියෝගයක් වූ දහසක් දෙනා ගේ ජීවිත වල ඇති නොදන්නා පැතිකඩ පිළිබද දැනුම බෙදා ගැනීමේ
අරමුණින්. ඔබත් ඔවුන් ගේ ජීවිත වලට හැකි පමණ ආලෝකයක් වන්නට උත්සහ කරමු.

ඔබත් මමත් එදිනදා පාවිච්චි කරන දෙයක් තමයි මුදල් නෝට්ටු කියන්නේ. අපි මිල දී ගන්නා සෑම භාණ්ඩ හා සේවාවක් සඳහා ම ගෙවීම් කිරීමට අපි මුදල් නෝට්ටු පාවිච්චි කරනවා. එත් ඔබ මොහොතකට වත් සිතුවද දෑසම නොපෙනෙන අන්ධ පුද්ගලයින් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේද කියලා?

ඒ සඳහා මුදල් නෝට්ටු වල එක ස්ථානයක් වෙන් කර ඇත. ඒ ඉහල වම් කෙළවරයි. එම ස්ථානයේ මුදලේ වටිනාකමට අනුව තදින් ගොරෝසුව මුද්‍රණය කරන ලද රවුම් පිහිටුවා ඇත. 



ශ්‍රී ලංකාවේ නව මුදල් නෝට්ටු ආරම්භ වන්නේ රුපියල් විස්සෙනි. එම නිසා රුපියල් විස්ස සඳහා එක රවුමක් ද, රුපියල් පනහ සඳහා රවුම් දෙකක් ද, යනාදී වශයෙන් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව දක්වා ක්‍රමයෙන් එක රවුම බැගින් වැඩි කරමින් මුද්‍රණය කර ඇත.

මෙම ස්ථානය අත ගා බැලීමෙන් අන්ධ පුද්ගලයන් එම නෝට්ටුව කුමන වටිනාකමේ නෝට්ටුවක් දැයි හදුනා ගන්නවා.










2 comments: