Pages

Thursday, June 27, 2013

Scanmarker - Takes Scanning To The Next Level

ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න, ලියාගන්න. ෆොටෝ කොපි අනවශ්‍යයි.

අද මම කියන්න යන්නේ ඔබෙත් මගෙත් වැඩ පහසු කරන පොඩි ගැජට් එකක් ගැන. ඒ තමයි ස්කෑන් මාර්කර්. 
මෙම උපකරණය අධි තාක්ෂණික උපකරණයක් ලෙස සැලකේ.
Scanmarker කියන්නේ පැනක හැඩය ගත් පරිලෝකන යන්ත්‍රයක්. මෙය සාක්කුවේ දමාගෙන යා හැකි තරම් කුඩා උපකරණයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඕනෑම පොතක ඇති දෙයක් තත්පර කිහිපයකින් පරිගණකයේ ඇති ඕනෑම මෘදුකාංගයකට පරිලෝකනය කර ලබා ගත හැකි වීමයි.
මෙම උපකරණය නිසා කිසිදිනෙක මුද්‍රණය කර ඇති හෝ ලියා තබා ඇති දෙයක් මෘදු පිටපත් කිරීමට නැවත යතුරු ලියනය කිරීමට අවශ්‍ය නැත.





මෙම උපකරණය භාවිතාවට ඇති හැකියාවත් ඉහලය. අවශ්‍ය පේලිය උඩින් තබා මදක් තද කර ඇද ගෙන යාමෙන් පමණක් අවශ්‍ය කාර්යය කරගත හැක.
එමෙන් ම මෙහි ඇති තවත් විශේෂත්වයන් නම් බහු භාෂා මාධ්‍යය ක්‍රියාත්මක කිරීමෙන් තවත් භාෂාවක ඇති ලිපියක් පරිලෝකනය කිරීමෙන් පරිවර්තනය කරගත හැකි වීමයි. ඒ වගේ ම පරිලෝකනය කරන අවස්ථාවේ ම එහි ඇති දෙය කථනය කරවීමේ හැකියාවයි (Text to Speech). 
මෙහි  ඇති තවත් විවිධාංගයන් නම් මෙහි අන්තර්ගත විද්‍යා කෝෂය (Thesaurus), ශබ්ද කෝෂය (Dictionary), පින්තුර පරිලෝකනය (Image reader) සහ ව්‍යාපාරික කාඩ් පත් (Business card) ගබඩාව යන අංගයන් ය.
දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ මිනිසාට ලෙහෙසියෙන් පහසුවෙන් එදිනෙදා වැඩ කරගැනීමේ පහසුව වැඩි කිරීම ට මෙම උපකරණය ඉතා වැදගත් වේවි.





No comments:

Post a Comment