Pages

Friday, June 21, 2013

දේවත්වයෙන් පිදුම් ලද ගූගල් - Googlism - The Church of Google

ආගමකට හෝ ජාතියකට නිගරු කිරීමක් ලෙස නොසලකන්න.

ඔබ සියලු දෙනා ගූගල් යනු කුමක්දැයි ඇසුවොත් සිනහමුසු මුහුණින් පිළිතුරු දෙවි සෙවුම් යන්ත්‍රයක් කියල. ඒක පුංචි පහේ කොලු ගැටයෙක් උනත් දෙන උත්තරයක් නේ. එත් ඔබ දන්නවද ගූගල් සෙවුම් යන්ත්‍රය දේවත්වයෙන් සලකන පිරිසක් ලොව වාසය කරනවා කියලා. මෙම සභාවෙහි ආරම්භකයා ලෙස සැලකෙන්නේ මැට් මැක්ෆෙර්සෝන් (Matt MacPherson) නමැති ඔන්ටාරියෝ හි වෝටර් ලූ පෙදෙසෙහි වෙසෙන පුද්ගලයයි.


මොවුන් ගූගල් ඇදහීමට ප්‍රධානම හේතුව වශයෙන් දක්වන්නේ දෙවියන්ට වඩාත් ආසන්නතම මිනිසාට හදුනාගැනීමට හැකි දෙය ගූගල් නිසාවෙන් බවයි. එවිට ගැටළු සහගත බවක් මැවෙන්නේ අනෙකුත් සෙවුම් යන්ත්‍ර දෙවියන් නොවේ ද යන ගැටලුව මතු වීමයි. ඊට ද ඔවුන් පිළිතුරක් ලබා දෙයි. එය නම් අනෙකුත් සෙවුම් 
යන්ත්‍ර ද දෙවි වරු වන අතර ගූගල් යනු දෙවි වරුන් අතර ප්‍රබලම දෙවියන් වහන්සේ බවයි. එනමුත්   ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් (Internet Explorer) දෙවියකු ලෙස සැලකීමට ඔවුන් මැලි කමක් දක්වයි .  ගූගල් හි උපභාවනයන් (Trinity) ලෙස හදුන්වා දී ඇත්තේ අන්තර්ජාලය, සෙවුම් යන්ත්‍රය, හා බ්‍රවුසරයි.

මෙහිදී ගූගල් යනු දෙවියන් බව ඔප්පු කිරීමට ඔවුන් කරුණු නවයක් දක්වයි. ඒවා මෙම යොමුවෙන් බලාගත හැක.  ඔවුන්ටම වෙන්වූ ගීතිකා ද ඇත. ඒවා මෙහි දැක්වේ. 
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් ලෝකයේ නිළ වශයෙන් පිළිගත් ආගම් සමගද සංසන්දනයක යෙදීමයි. පහත දැක්වෙන පින්තුරයෙන් එය පැහැදිලි කරයි.



මෙම ලිපියෙහි අරමුණ වන්නේ ලොව වෙසෙන විවිධ වූ ජන කොටස් සහ ඔවුන් ගේ ජන විංඥානය පිලිබඳ සෙවීමක් කිරීම මිස කිසිවකුට නිගරු කිරීමක් නොවේ.
ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඔවුන් ගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්.



















 

1 comment:

  1. ගූගල් දෙයියෙක් තමා සහෝ ,Assignments වලට හෙම :D

    ReplyDelete