Pages

Tuesday, July 9, 2013

Postal codes Sri Lanka (Zip code)

වෙබ් පිටු වල ලියාපදිංචි වීමේ දී බොහෝ විට අවශ්‍ය වන තැපැල් කේතය 


මේ ලිපියෙන් මා ඔබට කියන්න යන්නේ දිනපතා අපි හැමෝම මුහුණ දෙන ගැටළුවක් ගැනයි. ඔබ යම් වෙබ් පිටුවක ලියාපදිංචි වීමට යාමේ දී බොහෝ විට පිරවීමට ඇති දෙයක් තමයි Postal code එහෙමත් නැත්නම් Zip code එක. ඉතින් ශ්‍රී ලංකාවේ තමන් ඉන්න ප්‍රදේශ අනුව මේ postal code එක වෙනස් වෙනවා. මීට පස්සේ postal code එක තමන් ඉන්න තැන අනුව හරියටම දැනගෙන වෙබ් පිටු වල ලියාපදිංචි වෙමු. පහතින් ඔබට අදාල තැපැල් කේතය හදුනා ගන්න.

Monday, July 8, 2013

Facebook statistics

Facebook හි නවතම ගණනය කල දත්ත 

Facebook යනු අන්තර්ජාලයේ ඇති විශාලතම සමාජ ජාල අඩවියයි. එය 2004 වසරේ ආරම්භ වන්නේ Mark  Zuckerberg ඇතුළු ඔහුගේ මිතුරන් වන Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes යන පුද්ගලයන්ගේ ව්‍යාපෘතියක් ලෙසිනි.


2008 වසර වන විට Facebook පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100ක් වන අතර එය 2012 වසර වන විට නවතම දත්ත අනුව එය බිලියන 1.1ක් දක්වා වැඩි වී තිබෙනවා. නවතම දත්ත වලට අනුව Facebook හි වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 104ක්. 
මීට අමතර වෙනත් සුවිශේෂී වූ දත්ත කිහිපයක් පහත දැක්වේ. මේ වගේ අති විශාල දත්ත ප්‍රමාණයක් රදවා

Sunday, June 30, 2013

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද? - නොසිතන පැතිකඩ 1

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද?

ඔබත් මමත් මේ ලෝකයේ යම් පිරිසකට වඩා වාසනාවන්තයෝයි. ඒ අපිට දෑස් පෙනෙන නිසාවෙනි. නමුත් අපි  අතරම ජීවත් වෙන දෑසම නොපෙනෙන පුද්ගලයින් ගැන ඔබ සිතා බලා ඇත්ද? ඔවුන් ද ජීවත් වන්නේ අප ජීවත් වන පරිසරයේම ය. අප සමගම ය. අප කරනා සියලු දේ ම ඔවුනුත් කරනවා. අන්ධ පුද්ගලයාට ඇති එකම අඩු පාඩුව දෑස නොපෙනීම පමණි. දැනෙන හැගීම් දැනීම්, සිතුම් පැතුම්, සියල්ල සමානයි. නමුත් වර්තමාන ලෝකයේ ඇති සාමාන්‍ය ක්‍රියාකාරකම්  කරගැනීමට අන්ධ පුද්ගලයින් කොපමණ වෙහෙසක් ගන්නවා ඇත්ද?



'නොසිතන  පැතිකඩ' ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒමට 'දැනුම' අපි අදහස් කලේ සාමාන්‍ය ලෝකයේ ජීවත් වීම අභියෝගයක් වූ දහසක් දෙනා ගේ ජීවිත වල ඇති නොදන්නා පැතිකඩ පිළිබද දැනුම බෙදා ගැනීමේ

Friday, June 28, 2013

Tile - The World's Largest Lost & Found

 දෛනික වැඩකටයුතු වලදී අමතක වන යතුරු ආදිය   සොයා ගැනීමට මගක්.

ඔබ නිතර අමතක වන්නෙක් ද? ඔබ ගේ දුරකථනය, යතුරු, සපත්තු, පසුම්බිය, බැගය ආදිය තැබූ තැන අමතක වේ ද? කවදා හෝ යතුරට දුරකථන ඇමතුමක් (Missed call) දී සොයා ගැනීමට ඇත්නම් යයි සිතී ඇත්ද? එසේ නම් මෙන්න ඔබට ගැලපෙනම ගැජට් එකක්.


මෙය 'ටයිල්' ලෙස හදුන්වයි. ටයිල් ඔබට අමතක වන දේ සොයා ගැනීමට උපකාරී වේ. ඔබ කල යුත්තේ ටයිල් ඇමුණුම නැති වේ යයි හැගෙන අයිතමයට අමුණා තැබීම පමණි. එය ඇලවීමේ පහසුකම ද සහිතයි. 

Thursday, June 27, 2013

Scanmarker - Takes Scanning To The Next Level

ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න, ලියාගන්න. ෆොටෝ කොපි අනවශ්‍යයි.

අද මම කියන්න යන්නේ ඔබෙත් මගෙත් වැඩ පහසු කරන පොඩි ගැජට් එකක් ගැන. ඒ තමයි ස්කෑන් මාර්කර්. 
මෙම උපකරණය අධි තාක්ෂණික උපකරණයක් ලෙස සැලකේ.
Scanmarker කියන්නේ පැනක හැඩය ගත් පරිලෝකන යන්ත්‍රයක්. මෙය සාක්කුවේ දමාගෙන යා හැකි තරම් කුඩා උපකරණයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඕනෑම පොතක ඇති දෙයක් තත්පර කිහිපයකින් පරිගණකයේ ඇති ඕනෑම මෘදුකාංගයකට පරිලෝකනය කර ලබා ගත හැකි වීමයි.
මෙම උපකරණය නිසා කිසිදිනෙක මුද්‍රණය කර ඇති හෝ ලියා තබා ඇති දෙයක් මෘදු පිටපත් කිරීමට නැවත යතුරු ලියනය කිරීමට අවශ්‍ය නැත.

Saturday, June 22, 2013

ජගත් චමිල සම්මාන දිනූ හැටි(වීඩියෝ සහිතයි) - NYCIFF Film Awards (Video Available)

ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා 

ඊයේ දිනයේ රටම කළඹන්නට හේතු  වූ ජගත් චමිල ගේ  සම්මානය ගැන ඔබ සියලු දෙනා මේ වන විට දන්නවා ඇති. ඊයේ දිනයේ නිව් යෝක් සම්මාන උළෙලේ දී හොදම නළුවට හිමි සම්මානය ඔහු විසින් දිනා ගනු ලැබුවා. එහෙත් අපට ඒ පිලිබඳ වීඩියෝ නැරබීමට අවස්ථාවක් තිබුනේ නැහැ. 
මෙම පොස්ටුව දැමීමේ අරමුණ වන්නේ ඒ සදහා ඔබට අවස්ථාව සැලසීමයි. බොස්ටන්  ලංකා නිව්ස් සේවයේ පළවූ එම වීඩියෝ දර්ශනය පහත පල වේ.







Friday, June 21, 2013

දේවත්වයෙන් පිදුම් ලද ගූගල් - Googlism - The Church of Google

ආගමකට හෝ ජාතියකට නිගරු කිරීමක් ලෙස නොසලකන්න.

ඔබ සියලු දෙනා ගූගල් යනු කුමක්දැයි ඇසුවොත් සිනහමුසු මුහුණින් පිළිතුරු දෙවි සෙවුම් යන්ත්‍රයක් කියල. ඒක පුංචි පහේ කොලු ගැටයෙක් උනත් දෙන උත්තරයක් නේ. එත් ඔබ දන්නවද ගූගල් සෙවුම් යන්ත්‍රය දේවත්වයෙන් සලකන පිරිසක් ලොව වාසය කරනවා කියලා. මෙම සභාවෙහි ආරම්භකයා ලෙස සැලකෙන්නේ මැට් මැක්ෆෙර්සෝන් (Matt MacPherson) නමැති ඔන්ටාරියෝ හි වෝටර් ලූ පෙදෙසෙහි වෙසෙන පුද්ගලයයි.


මොවුන් ගූගල් ඇදහීමට ප්‍රධානම හේතුව වශයෙන් දක්වන්නේ දෙවියන්ට වඩාත් ආසන්නතම මිනිසාට හදුනාගැනීමට හැකි දෙය ගූගල් නිසාවෙන් බවයි. එවිට ගැටළු සහගත බවක් මැවෙන්නේ අනෙකුත් සෙවුම් යන්ත්‍ර දෙවියන් නොවේ ද යන ගැටලුව මතු වීමයි. ඊට ද ඔවුන් පිළිතුරක් ලබා දෙයි. එය නම් අනෙකුත් සෙවුම්