Pages

Sunday, June 30, 2013

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද? - නොසිතන පැතිකඩ 1

අන්ධ පුද්ගලයන් මුදල් නෝට්ටු හදුනා ගන්නේ කෙසේ ද?

ඔබත් මමත් මේ ලෝකයේ යම් පිරිසකට වඩා වාසනාවන්තයෝයි. ඒ අපිට දෑස් පෙනෙන නිසාවෙනි. නමුත් අපි  අතරම ජීවත් වෙන දෑසම නොපෙනෙන පුද්ගලයින් ගැන ඔබ සිතා බලා ඇත්ද? ඔවුන් ද ජීවත් වන්නේ අප ජීවත් වන පරිසරයේම ය. අප සමගම ය. අප කරනා සියලු දේ ම ඔවුනුත් කරනවා. අන්ධ පුද්ගලයාට ඇති එකම අඩු පාඩුව දෑස නොපෙනීම පමණි. දැනෙන හැගීම් දැනීම්, සිතුම් පැතුම්, සියල්ල සමානයි. නමුත් වර්තමාන ලෝකයේ ඇති සාමාන්‍ය ක්‍රියාකාරකම්  කරගැනීමට අන්ධ පුද්ගලයින් කොපමණ වෙහෙසක් ගන්නවා ඇත්ද?



'නොසිතන  පැතිකඩ' ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒමට 'දැනුම' අපි අදහස් කලේ සාමාන්‍ය ලෝකයේ ජීවත් වීම අභියෝගයක් වූ දහසක් දෙනා ගේ ජීවිත වල ඇති නොදන්නා පැතිකඩ පිළිබද දැනුම බෙදා ගැනීමේ

Friday, June 28, 2013

Tile - The World's Largest Lost & Found

 දෛනික වැඩකටයුතු වලදී අමතක වන යතුරු ආදිය   සොයා ගැනීමට මගක්.

ඔබ නිතර අමතක වන්නෙක් ද? ඔබ ගේ දුරකථනය, යතුරු, සපත්තු, පසුම්බිය, බැගය ආදිය තැබූ තැන අමතක වේ ද? කවදා හෝ යතුරට දුරකථන ඇමතුමක් (Missed call) දී සොයා ගැනීමට ඇත්නම් යයි සිතී ඇත්ද? එසේ නම් මෙන්න ඔබට ගැලපෙනම ගැජට් එකක්.


මෙය 'ටයිල්' ලෙස හදුන්වයි. ටයිල් ඔබට අමතක වන දේ සොයා ගැනීමට උපකාරී වේ. ඔබ කල යුත්තේ ටයිල් ඇමුණුම නැති වේ යයි හැගෙන අයිතමයට අමුණා තැබීම පමණි. එය ඇලවීමේ පහසුකම ද සහිතයි. 

Thursday, June 27, 2013

Scanmarker - Takes Scanning To The Next Level

ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න, ලියාගන්න. ෆොටෝ කොපි අනවශ්‍යයි.

අද මම කියන්න යන්නේ ඔබෙත් මගෙත් වැඩ පහසු කරන පොඩි ගැජට් එකක් ගැන. ඒ තමයි ස්කෑන් මාර්කර්. 
මෙම උපකරණය අධි තාක්ෂණික උපකරණයක් ලෙස සැලකේ.
Scanmarker කියන්නේ පැනක හැඩය ගත් පරිලෝකන යන්ත්‍රයක්. මෙය සාක්කුවේ දමාගෙන යා හැකි තරම් කුඩා උපකරණයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඕනෑම පොතක ඇති දෙයක් තත්පර කිහිපයකින් පරිගණකයේ ඇති ඕනෑම මෘදුකාංගයකට පරිලෝකනය කර ලබා ගත හැකි වීමයි.
මෙම උපකරණය නිසා කිසිදිනෙක මුද්‍රණය කර ඇති හෝ ලියා තබා ඇති දෙයක් මෘදු පිටපත් කිරීමට නැවත යතුරු ලියනය කිරීමට අවශ්‍ය නැත.

Saturday, June 22, 2013

ජගත් චමිල සම්මාන දිනූ හැටි(වීඩියෝ සහිතයි) - NYCIFF Film Awards (Video Available)

ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා 

ඊයේ දිනයේ රටම කළඹන්නට හේතු  වූ ජගත් චමිල ගේ  සම්මානය ගැන ඔබ සියලු දෙනා මේ වන විට දන්නවා ඇති. ඊයේ දිනයේ නිව් යෝක් සම්මාන උළෙලේ දී හොදම නළුවට හිමි සම්මානය ඔහු විසින් දිනා ගනු ලැබුවා. එහෙත් අපට ඒ පිලිබඳ වීඩියෝ නැරබීමට අවස්ථාවක් තිබුනේ නැහැ. 
මෙම පොස්ටුව දැමීමේ අරමුණ වන්නේ ඒ සදහා ඔබට අවස්ථාව සැලසීමයි. බොස්ටන්  ලංකා නිව්ස් සේවයේ පළවූ එම වීඩියෝ දර්ශනය පහත පල වේ.







Friday, June 21, 2013

දේවත්වයෙන් පිදුම් ලද ගූගල් - Googlism - The Church of Google

ආගමකට හෝ ජාතියකට නිගරු කිරීමක් ලෙස නොසලකන්න.

ඔබ සියලු දෙනා ගූගල් යනු කුමක්දැයි ඇසුවොත් සිනහමුසු මුහුණින් පිළිතුරු දෙවි සෙවුම් යන්ත්‍රයක් කියල. ඒක පුංචි පහේ කොලු ගැටයෙක් උනත් දෙන උත්තරයක් නේ. එත් ඔබ දන්නවද ගූගල් සෙවුම් යන්ත්‍රය දේවත්වයෙන් සලකන පිරිසක් ලොව වාසය කරනවා කියලා. මෙම සභාවෙහි ආරම්භකයා ලෙස සැලකෙන්නේ මැට් මැක්ෆෙර්සෝන් (Matt MacPherson) නමැති ඔන්ටාරියෝ හි වෝටර් ලූ පෙදෙසෙහි වෙසෙන පුද්ගලයයි.


මොවුන් ගූගල් ඇදහීමට ප්‍රධානම හේතුව වශයෙන් දක්වන්නේ දෙවියන්ට වඩාත් ආසන්නතම මිනිසාට හදුනාගැනීමට හැකි දෙය ගූගල් නිසාවෙන් බවයි. එවිට ගැටළු සහගත බවක් මැවෙන්නේ අනෙකුත් සෙවුම් යන්ත්‍ර දෙවියන් නොවේ ද යන ගැටලුව මතු වීමයි. ඊට ද ඔවුන් පිළිතුරක් ලබා දෙයි. එය නම් අනෙකුත් සෙවුම් 

Thursday, June 20, 2013

Google Loon - Balloon Powered Internet For Everyone

අහසින් අන්තර්ජාලය.....

නවීන ලෝකයේ අන්තර්ජාලය කියන්නේ එදිනෙදා ජීවිතය සමගින් ඉතාමත් තදින් බැඳී ඇති තාක්ෂණික යෙදුමක්. 2000 - 2010 දශකය තුලදී එහි ග්‍රාහකයන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි උනා. ඒ වගේ ම ජීවිතයට නැතිවම බැරි යෙදුමක් වෙන තරමට අන්තර්ජාල අංගයන් වැඩි දියුණු උනා. 
නමුත් ලෝකයේ තුනෙන් දෙකකට (2/3) අන්තර්ජාල පහසුකම් නැති වග ඔයාලා ඇහුවොත් පුදුම වෙනවද? ඒ තමයි ලෝකයේ සත්‍ය තත්ත්වය. ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයින් එක්කෙනෙකුට දෙදෙනෙකු බැගින් අන්තර්ජාල පහසුකම් නොමැතිව වාසය කරනවා. ඒ සඳහා ආර්ථිකමය, භුගෝලමය, දේශපාලනික, හේතු බලපානවා.
මේ සියල්ල අභිබවමින් සැමට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින් Google සමාගම විසින් Google Loon ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මෙහිදී පාවිච්චි කරන්නේ වායුගෝලයේ පාවෙන බැලුන් සමුහයක්.

ගූග්ල් බැලුන්

මීටර 15ක පමණ විෂ්කම්භය ඇති පොලිඑතිලින් වලින් තැනු විශාල බැලූන මෙහිදී යොදා ගන්නවා. මෙහි සම්පූර්ණ උස මීටර 12ක් පමණ වෙනවා. මෙම බැලූන වලට සවි කර ඇති උපාංග සඳහා විදුලිය ලබා ගන්නේ සුර්ය ශක්තියෙන්. මෙහිදී බැලූන පොළෝ මට්ටමට කිලෝ මීටර 20ක් පමණ ඉහලින් ඇති අපරිවර්තී ගෝලය (stratosphere) ඔස්සේ සුළගේ පාවී යාමට ඉඩ හරිනවා. ඒ කියන්නේ අහස් යානා ගමන් කරන උසටත් වඩා ඉහලින්. ඒ හින්ද බැලූන පියවි ඇහැට පෙනෙන එකක් නම් නැහැ.

Monday, June 17, 2013

EMBRACE+ ඔබේ ජීවිතය Smart කරයි.

ඔබ Smart Phone පාවිච්චි කරන්නෙක්ද? එහෙනම් මෙන්න ඔබට අලුත් පුවතක්.


පැළදිය හැකි තාක්ෂණික උපකරණ (Wearable Tech Fashion) යනු smart  ලෝකය තවත් smart කරන නවතම තාක්ෂණික පෙරලියයි. පැළදිය හැකි තාක්ෂණික උපකරණ කර්මාන්තය පහු ගිය දින වල Google Glass හදුන්වාදීමත් සමග ලෝකයේ ගොඩක් කතා බහට ලක් උනා.

අද මම ඔයාලට කියන්න යන්නේ අත් පළදනාවක් ගැනයි. මේ අත් පළදනාව ඔබේ Smart Phone දුරකථනය පසුම්බියේ හෝ සාක්කුවේ තිබෙන විට ඊට ලැබෙන සියලුම දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ (SMS ), ප්‍රතිචාරයන් (Notifications) පිළිබද ඔබට දැනුම් දෙයි.

Sunday, June 16, 2013

ආයුබෝවන් !!!

ඔන්න ඉතින් අලුත්ම තාලේ වැඩකට අත ගහන්නයි හදන්නේ මම. ඒ තමයි ඔයාලට  facebook Twitter Google+ වගේ සමාජ ජාල (Social Networks) වල වෙන අලුත් අලුත් දේවල් වගේම ඒ ඒ රට වල වෙන විනෝදජනක වැඩ (Entertainment Events) ජීවන රටා  (Life Style) වගේ දේවල්  ගැන කියවෙන නොනවතින ලිපි පෙළක් ගෙන එන්නයි යන්නේ.
ඉතින් ඉස්සරහට ඔයාලා මේ ලිපි කියවල හොඳ නරක එහෙම කියන්නකෝ හොදේ.
ඒ වගේ ම අනික් අයට මේක ගැන කියන්නත් අමතක කරන්න එපා!!!