Pages

Friday, June 28, 2013

Tile - The World's Largest Lost & Found

 දෛනික වැඩකටයුතු වලදී අමතක වන යතුරු ආදිය   සොයා ගැනීමට මගක්.

ඔබ නිතර අමතක වන්නෙක් ද? ඔබ ගේ දුරකථනය, යතුරු, සපත්තු, පසුම්බිය, බැගය ආදිය තැබූ තැන අමතක වේ ද? කවදා හෝ යතුරට දුරකථන ඇමතුමක් (Missed call) දී සොයා ගැනීමට ඇත්නම් යයි සිතී ඇත්ද? එසේ නම් මෙන්න ඔබට ගැලපෙනම ගැජට් එකක්.


මෙය 'ටයිල්' ලෙස හදුන්වයි. ටයිල් ඔබට අමතක වන දේ සොයා ගැනීමට උපකාරී වේ. ඔබ කල යුත්තේ ටයිල් ඇමුණුම නැති වේ යයි හැගෙන අයිතමයට අමුණා තැබීම පමණි. එය ඇලවීමේ පහසුකම ද සහිතයි. 






ඉන් පසුව අදාල උපකරණය සොයා ගැනීමට කල යුත්තේ ඔබේ ස්මාර්ට් දුරකථනයේ ඇති යෙදීම (Application) ක්‍රියාත්මක කිරීම පමණි. එය ඔබව උපකරණය ඇති තැනට ගෙන යාවි. එය යම් ආකාරයකින් මතකය පුංචි කාලයට ගෙන යන්නේ ගිනි - සීතල සෙල්ලම මතක් කරමිනි.



ඒ වගේ ම ඔබේ ටයිල් යෙදුම් ගිණුමට (Tile Account) ඕනෑම අයෙකු ගේ ස්මාට් දුරකතනයෙන් ඇතුළු විමේ පහසුකම ද ඇත.
මම කලින් සදහන් කල ආකාරයට මෙම ටයිල් ඇමුණුමට දුර කතන ඇමතුමක් ලබාගෙන ශබ්දය ඔස්සේ සොයාගැනීමට ද හැකියාවක් ඇත.
මෙය පොදු ගිණුමක් ලෙස ද භාවිතා කල හැක. නිවසක යතුර සදහා  මෙය කදිම භාවිතාවකි.

මෙහි ඇති සුවිශේෂී ම කාරණය වන්නේ ඔබගේ යම් දෙයක් සොරකම් කර තිබුනොත් ඒ බව සදහන් කිරීමක් (Report) කල හැක. එය වලාකුළු තාක්ෂනය (Cloud System) ඔස්සේ සියලු ටයිල් භාවිත කරන්නන් හට දැනුම් දෙන අතර නැති වූ උපකරණය යම් ටයිල් භාවිත කරන්නෙක් සිටිනා තැන අසල තිබේ නම් (මග තොටේ දී හෝ) එම භාණ්ඩය ඇති තැන පිලිබඳ අයිතිකරුට දැනුවත් කිරීමක් (Notification) ලබා දේ.



ටයිල් අයිතමයේ ඇති හුරුබුහුටි බවත් සිත්ගන්නා සුළු නිමවුමත් භාවිත කිරීමේ පහසුවත් එය භාවිතා කරන්නන් (Users) වැඩි කිරීම ට සමත් ව ඇත.

මෙම ටයිල් අයිතමය ගැන දැනුමට දැන්වූ මිතුරියට ස්තුතියි.





4 comments:

  1. නියම අයිඩියා එකක් (y)

    ReplyDelete
  2. මගේ ෆෝන් එකට තමා මේක අලවගන්න වෙන්නේ... :D

    ReplyDelete
  3. ape julata hodai me item eka...

    ReplyDelete