අහසින් අන්තර්ජාලය.....
නවීන ලෝකයේ අන්තර්ජාලය කියන්නේ එදිනෙදා ජීවිතය සමගින් ඉතාමත් තදින් බැඳී ඇති තාක්ෂණික යෙදුමක්. 2000 - 2010 දශකය තුලදී එහි ග්‍රාහකයන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි උනා. ඒ වගේ ම ජීවිතයට නැතිවම බැරි යෙදුමක් වෙන තරමට අන්තර්ජාල අංගයන් වැඩි දියුණු උනා.
නමුත් ලෝකයේ තුනෙන් දෙකකට (2/3) අන්තර්ජාල පහසුකම් නැති වග ඔයාලා ඇහුවොත් පුදුම වෙනවද? ඒ තමයි ලෝකයේ සත්‍ය තත්ත්වය. ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයින් එක්කෙනෙකුට දෙදෙනෙකු බැගින් අන්තර්ජාල පහසුකම් නොමැතිව වාසය කරනවා. ඒ සඳහා ආර්ථිකමය, භුගෝලමය, දේශපාලනික, හේතු බලපානවා.
මේ සියල්ල අභිබවමින් සැමට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින් Google සමාගම විසින් Google Loon ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මෙහිදී පාවිච්චි කරන්නේ වායුගෝලයේ පාවෙන බැලුන් සමුහයක්.
ගූග්ල් බැලුන්
මීටර 15ක පමණ විෂ්කම්භය ඇති පොලිඑතිලින් වලින් තැනු විශාල බැලූන මෙහිදී යොදා ගන්නවා. මෙහි සම්පූර්ණ උස මීටර 12ක් පමණ වෙනවා. මෙම බැලූන වලට සවි කර ඇති උපාංග සඳහා විදුලිය ලබා ගන්නේ සුර්ය ශක්තියෙන්. මෙහිදී බැලූන පොළෝ මට්ටමට කිලෝ මීටර 20ක් පමණ ඉහලින් ඇති අපරිවර්තී ගෝලය (stratosphere) ඔස්සේ සුළගේ පාවී යාමට ඉඩ හරිනවා. ඒ කියන්නේ අහස් යානා ගමන් කරන උසටත් වඩා ඉහලින්. ඒ හින්ද බැලූන පියවි ඇහැට පෙනෙන එකක් නම් නැහැ.
සෑම බැලූනයක් ම සම්ප්‍රේෂණ හා ග්‍රාහක යන්ත්‍රයකින් යුක්තයි.(Transceiver) මෙය සෑම විටම පෘථිවියේ ඇති ප්‍රාදේශීය මද්‍යස්ථානය සමගත් අවට ඇති බැලූන සමගත් පණිවිඩ හුවමාරු කරගනිමින් ගූගල් විසින් නිෂ්පාදිත විශේෂ ග්‍රාහක ඇන්ටෙනා (Receivers) වෙත අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා.
මෙම බැලූන වල ඇති තවත් විශේෂත්වයක් වන්නේ පෘථිවියේ සිට හැසිරවීමට ඇති හැකියාවයි. අවශ්‍ය නම් මෙම බැලූන පෘථිවිය වෙත නැවත ගොඩබෑමට ද හැකියාවක් තියනවා.
මෙම ව්‍යාපෘතියේ මුලික පියවර වශයෙන් බැලූන 30ක් පමණ නවසීලන්තයට ඉහල අහස වෙත මුදා හරිනු ලැබුවා. නමුත් ව්‍යාපෘතිය සාර්ථක වන්නේ නම් බැලූන දහස් ගණනක් ඉහල අහසේ තියේවි.
මේ පිලිබඳ වැඩි විස්තර Google Loon වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර පහත පලවෙන්නේ ගූගල් ලූන් හි වීඩියෝ දර්ශන හා පින්තුර පෙළක්.
හොඳ ලිපියක් (y)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletegood
ReplyDeletegood one...it is really important to here the latest TECH news in සිංහල.. :)
ReplyDelete