Pages

Monday, June 17, 2013

EMBRACE+ ඔබේ ජීවිතය Smart කරයි.

ඔබ Smart Phone පාවිච්චි කරන්නෙක්ද? එහෙනම් මෙන්න ඔබට අලුත් පුවතක්.


පැළදිය හැකි තාක්ෂණික උපකරණ (Wearable Tech Fashion) යනු smart  ලෝකය තවත් smart කරන නවතම තාක්ෂණික පෙරලියයි. පැළදිය හැකි තාක්ෂණික උපකරණ කර්මාන්තය පහු ගිය දින වල Google Glass හදුන්වාදීමත් සමග ලෝකයේ ගොඩක් කතා බහට ලක් උනා.

අද මම ඔයාලට කියන්න යන්නේ අත් පළදනාවක් ගැනයි. මේ අත් පළදනාව ඔබේ Smart Phone දුරකථනය පසුම්බියේ හෝ සාක්කුවේ තිබෙන විට ඊට ලැබෙන සියලුම දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ (SMS ), ප්‍රතිචාරයන් (Notifications) පිළිබද ඔබට දැනුම් දෙයි.


මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබට අවශ්‍ය පරිදි වෙනස් වෙනස් යෙදුම්(Apps) සඳහා වගේම පුද්ගලානුබද්ධවත් එකිනෙකට වෙනස් ඉඟි ලබාදෙන ආකාරයට සැකසිය හැකි වීමයි.

ඒ වගේ ම ඔබට Facebook වගේ සමාජ ජාල වලට ලැබෙන ප්‍රතිචාරයන්(Notification) පවා මෙම පළදනාවේ දිස් වෙන ආකාරයට සකස් කරන්නත් පුළුවන්.

ඒ වගේ ම දුරකථනයේ සකස් කොට ඇති මතක් කිරීම්(Reminders), හමුවීම් (Meeting), වගේ ම විදුලි කෝෂය නැවත ආරෝපණය කිරීම් (battery recharge ) වගේ දේවල් පවා දන්වනවා.

මෙය ඔබේ අවශ්‍යතාව අනුව ඉඟි ලබා දෙන ආකාරයට වෙනස් කල හැක. මෙහි විවිධ ආලෝක ලබා දෙන්නේ ඇතුලතින් ඇති ප්‍රකාශ තන්තු මගිනි (Fiber Optics ). තවමත් වෙළඳ පොලට නිකුත් කර නැති මෙම උපාංගය විවිධ මිළ ගණන් යටතේ විවිධ පහසුකම් සහිතව්ව නිකුත් කිරීමට නියමිතව ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇත. වැඩි දුර විස්තර සඳහා www.kickstarter.com වෙත පිවිසෙන්න.









1 comment: